Saturday, March 21, 2015

පරෙස්සම් වන්න! ඔබ ගේ USB සහ SSD වලින් මකා දමන ලද Files ඕනෑ ම අයකුට නැවත ලබා ගත හැකි යි.

USB උපකරණ සහ SSD කාඩ්පත් යනු පහසුවෙන් දත්ත ගබඩා කොට පරිගණක අතර හුවමාරු කර ගැනීම සඳහා අප කවුරුත් භාවිත කරන ක්‍රමවේද දෙකකි. අදාළ කාර්යය ඉටු කර ගැනීමෙන් අනතුරු ව හෝ එම උපකරණවල මතක ධාරිතාව නිම වූ පසු නව දත්ත ඇතුළත් කිරීම සඳහා හෝ අපි පවතින Files මකා දමමු. ඒවා වෙනකකු අතට පත් විය හැකි යැයි අප සිහිනෙන් හෝ සිතන්නේ නැත.
මෙහි අවාසියක් වන්නේ ඉතා පහසුවෙන් එම තොරතුරු අන් අය අතට පත් වීම යි. එහෙත් මෙහි වාසියක් ද පවතී. එනම්, අතපසු වීමකින් delete කරන ලද යම් තොරතුරක් නැවත ලබා ගැනීමේ හැකියාව පැවතීම යි.
ImageImage
සාමාන්‍ය hard drive එකකින් ඔබ යමක් delete කළ විට සිදු වන්නේ එම දත්ත සම්පූර්ණයෙන් මැකී යෑම නොව, ඒවා නොවැදගත් දත්ත ලෙස ලකුණු වීම යි. ඔබ ගේ මෙහෙයුම් පද්ධතියට වැඩි ඉඩකඩක් අවශ්‍ය වූ විට, කිසිදු ගැටලුවකින් තොර ව එසේ ලකුණු වූ ඉඩ භාවිතයට අවස්ථාව පවතී. එහෙත් SSD කාඩ්පතක් ක්‍රියා කරන්නේ මෙයට වඩා වෙනස් ආකාරයකිනි. යම් cell එකකට දත්ත ඇතුළත් කිරීමට නම් එය සම්පූර්ණයෙන් හිස් කළ යුතු ය. මේ සඳහා වැඩි කාලයක් ගත වන අතර, TRIM හඳුන්වා දී ඇත්තේ එයට පිළියමක් වශයෙනි. ඔබ ගේ මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය වූ විටෙක, දත්ත තැන්පත් කිරීමට ඉඩ පවත්නා බවට TRIM command එකක් යැවීම සිදු වේ. එවිට දත්ත තැන්පත් කිරීමේ කාර්යය වේගවත් වෙයි.
ImageImage
USB flash drive, external solid-state drive, SD card වැනි දෑ භාවිතයේ දී මකා දමන ලද දත්තයක් මකා දමන ලද බවට TRIM command එක නිකුත් වුව ද, එය ලබා ගැනීමේ හැකියාව පවතින්නේ සත්ය. වශයෙන් ම එය මැකී නොමැති බැවිනි.
මෙය ඔබට ම පරීක්ෂා කළ හැකි කාර්යයකි. USB flash drive එකක් ගෙන පරිගණකයට සම්බන්ධ කරන්න. අනතුරු ව එයට යම් file එකක් copy කර Delete කරන්න. file-recovery program එකක් ක්‍රියාත්මක කරන්න. Recuva යනු නොමිලේ ලබා ගත හැකි එබඳු වැඩසටහනකි. අප සඳහන් කළ දෙය ඔප්පු කරමින් එම file එක ඔබට දිස් වනු ඇත.format කිරීමෙන් සියලු දත්ත මැකී යනු ඇතැයි ඔබ සිතනු ඇත. එහෙත් එයින් සිදු වන්නේ නව FAT32 file system එකක් නිර්මාණය වීම පමණි. මෙය ද ඔබට අත්හදා බැලිය හැකි ය. Quick Scan මගින් එම delete කරන ලද දත්ත ලබා ගත නොහැකි වුව ද, Deep Scan මගින් එම දත්ත අනාවරණය කෙරෙනු ඇත.
මේ සඳහා ඇති එක ම විසඳුම නම්, Quick Format යන්න තේරීමෙන් වැළකී, වැඩි වේලාවක් ගත කරමින් drive එක සම්පූර්ණයෙන් Format වන්නට සැලැස්වීම යි. එසේත් නැතිනම් TrueCrypt, Microsoftහි BitLocker To Go, Mac OS Xහි encryption පහසුකම, Linuxහි USB drive encryption පහසුකම් ආදිය භාවිතයෙන් ඔබ ගේ දත්ත encrypt කළ හැකි අතර, ඕනෑ ම අයකුට එම දත්ත ලබා ගැනීමට encryption key එක අවශ්යම වේ. කෙසේ වෙතත් ඉතා රහස්යr සහ පෞද්ගලික තොරතුරු මෙබඳු උපකරණවල ගබඩා කර තැබීමෙන් වැළකීම වඩාත් සුදුසු වන බව ද අවධාරණය කළ යුතු වේ.

අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකු සොයා ගනිමු...

ගම්පෙරළියේ නන්දා, ජිනදාස සොයන්නට ඔහු වෙසෙන ගම් පළාතට පුද්ගලයකු පිටත් කළ බව අපි දනිමු. එහෙත් නූතන තාක්ෂණය ඔස්සේ පුද්ගලයකු සොයා ගැනීම එතරම් අපහසු නැත. අප මේ අවධානය යොමු කරනුයේ අන්තර්ජාලය මගින් යම් පුද්ගලයකු සොයා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රමවේද සම්බන්ධයෙනි.Facebook යනු ලොව වඩාත් ප්‍රචලිත සමාජ ජාලයක් බව අපි දනිමු. එක් මාසයක් තුළ එහි ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව බිලියන 1.23කට ආසන්න ය. ඔබ සොයන පුද්ගලයා සතු ව Facebook ගිණුමක් තිබේ නම්, එම ජාලය ඔස්සේ ඔහු සොයා ගැනීම ඉතා පහසු කටයුත්තක් වනු ඇත. ඔහු ගේ නම වෙනත් බොහෝ දෙනකු භාවිත කිරීම, ඔබ සොයන පුද්ගලයා අන්තර්ජාලයට සම්බන්ධ නොවන තැනැත්තකු වීම වැනි බාධක මෙහි දී පැන නැගිය හැකි නමුත්, මෙය බෙහෙවින් සාර්ථක ක්‍රමවේදයක් ලෙස හඳුනා ගත හැකි ය. ඔබ මෙම ජාලයෙහි ගිණුමක් ආරම්භ කළ පසු, search box එකෙහි අදාළ පුද්ගලයා ගේ නම ඇතුළත් කිරීමෙන් ඉතා පහසුවෙන් ඔහු සොයා ගත හැකි ය. එවිට අදාළ නම සඳහා වඩාත් ගැළපෙන පුද්ගලයන් ලැයිස්තුවක් අඩවිය විසින් සොයා දෙනු ලැබේ.
Img
Facebook අඩවිය ඔබට ලබා දෙන තවත් පහසුකමක් වන්නේ, ඔබ ගේ පෞද්ගලික තොරතුරු යොදා ගනිමින් people you may know යටතේ ඔබ හඳුනන පුද්ගලයන් සොයා ගැනීමට අවස්ථාව ලබා දීම යි. Find Friends යටතේ ගොස්, ඔබ ගේ පාසල, රැකියා ස්ථානය ආදිය ඉවහල් කර ගනිමින් ගැළපෙන මිතුරන් හඳුනා ගත හැකි ය. නමට අමතර ව මෙබඳු තොරතුරු ද ඇතුළු කිරීමෙන් වඩාත් නිවැරදි සෙවීමක් සිදු කළ හැකි වේ. මිතුරා ගේ privacy settings මගින් අවසර සලසා තිබේ නම්, ඔහු ගේ මිතුරන් ලැයිස්තුව පිරික්සීම සඳහා ද ඔබට අවස්ථාව ඇත.ඔබ සොයන පුද්ගලයා සොයා ගත් පසු, Add Friend ඔස්සේ ඔහුට මිතුරු වීමට ආරාධනාවක් යැවිය යුතු අතර, ඔහු එය පිළිගත් පසු ඔබ දෙදෙනා මිතුරන් බවට පත් වෙති. එසේත් නැති නම් තමා කවරේ ද යන්න සඳහන් කොට, Send message ඔස්සේ අදාළ පුද්ගලයාට තමා හඳුන්වා පණිවුඩයක් යැවිය හැකි ය. අතීතයේ දී මෙම ජාලය තුළ පුද්ගලයන් සෙවීමේ දී තම ප්‍රොෆයිලය දර්ශනය නොවන ආකාරයට සැකසුම් සිදු කර තැබීමේ හැකියාව තිබූ නමුත් වර්තමානය වන විට මෙම හැකියාව අහෝසි කර ඇත. එය, අන්තර්ජාලය තුළ ඔබේ පෞද්ගලිකත්වයට යම් හානියක් වුවත්, පුද්ගලයකු සොයා ගැනීමේ දී මෙය විශාල පහසුවක් වනු ඇත.
Img
Google සහ Google+ යනු ද, යමකු සොයා ගැනීම සඳහා ඉවහල් කර ගත හැකි ක්‍රමවේද වේ. ඔබ සොයනා යම් තැනැත්තකු ගේ සම්පූර්ණ නම, Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ සෙවීමෙන් ප්‍රතිඵල රාශියක් දිස් වනු ඇත. ඔහු ගේ රැකියාව, පාසල, ලිපිනය වැනි තොරතුරු ඔබ සතු ව තිබේ නම්, ඒවා ඇතුළත් කළ විට වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගත හැකි වේ.search box එකට පහළින් ඇති search tools මගින් රට හෝ ප්‍රදේශය ඔස්සේ සෙවීම සිදු කළ හැකි අතර, Advanced search මගින් යම් යම් වචන එක් කිරීම හෝ ඉවත් කිරීම ආදී ක්‍රමවේද ඔස්සේ වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගන්නට උත්සාහ කළ හැකි වේ.
Img
Google+ යනු Facebook තරම් ජනප්‍රිය සමාජ ජාලයක් නොවන නමුත්, Facebook භාවිත නොකරන්නන් Google+ භාවිත කරන අවස්ථා තිබිය හැකි ය. ඔබ ගේ ගිණුමට ඇතුළු වී suggestions යටතේ පිරික්සීමෙන්, ඔබේ තොරතුරු අනුව, හඳුනන පුද්ගලයන් ජාලය විසින් ම තෝරා දෙන ලද බව දැක ගත හැකි ය. එසේත් නැති නම් Discover ඔස්සේ ගොස් අදාළ පුද්ගලයා ගේ සම්පූර්ණ නම ලබා දිය හැකි ය. ඔබ ගේ YouTube subscriptions සමග ද Google+ සම්බන්ධ වන බැවින්, ඔබ ප්‍රිය කරන වීඩියෝ පට නිෂ්පාදනය කරන පුද්ගලයන් හා සමාගම් සොයා ගැනීමේ අවස්ථාව ද ඔබට සැලසේ.ඔබ Follow කරන ඕනෑ ම පුද්ගලයකු වෙත පණිවුඩයක් යැවීමේ හැකියාව ද මෙම ජාලය විසින් සලසා දෙනු ලැබේ. මෙම පණිවුඩය ඔහු ගේ Gmail inbox එක වෙත ලැබෙනු ඇත. ඒ ඔස්සේ අදාළ පුද්ගලයා හා සම්බන්ධ වීමට ඔබට පිළිවන.LinkedIn යනු ද වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින සමාජ ජාලයකි. මෙහි දී ද අදාළ පුද්ගලයා ගේ පාසල, රැකියා ස්ථානය, ජීවත් වන ප්‍රදේශය ආදිය යොදා ගනිමින් ඔහු සොයා ගත හැකි වේ. එසේ ම ඔබ ගේ e-mail ගිණුම මේ සමග සම්බන්ධ කිරීමෙන්, එහි ඇති contacts මෙම ජාලය සමග සම්බන්ධ වූ විට ඒ බව දැන ගත හැකි ය.
Img
සාමාන්‍යයෙන් මෙම ජාලය භාවිත වන්නේ වෘත්තිකයන් හා සම්බන්ධ වීම සඳහා වන අතර, ඔබ කිසි දිනෙක ඇසින් නොදුටු ව්‍යාපාරිකයකු වැන්නකු හඳුනා ගැනීමට මෙය කදිම මාර්ගයකි. මෙම අඩවියෙහි ඔබට ඇත්තේ මුදල් ගෙවා ලබා ගන්නා ලද ගිණුමක් නම්, ඔබට තවත් පහසුකමක් හිමි වේ. එනම්, අදාළ පුද්ගලයා සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති ව ඔහුට පණිවුඩයක් යැවීමේ හැකියාව යි. දින හතක් ඇතුළත ප්‍රතිචාරයක් නොලද හොත්, නැවත පණිවුඩයක් යැවීමේ හැකියාව ඔබට ලැබේ.වෙනත් සමාජ ජාල මෙන් නොව, පසුගිය දින 90 තුළ ඔබේ ප්‍රොෆයිලය නිරීක්ෂණය කළ පුද්ගලයන් ගේ ලැයිස්තුවක් ද මෙමගින් ඔබට ලබා දීම සිදු වේ. ඔබේ ප්‍රොෆයිලයේ Who's Viewed Your Profile යන්න ඔස්සේ ගොස් එසේ නිරීක්ෂණය කරන ලද පුද්ගලයන් ගේ ලැයිස්තුවක් ලබා ගත හැකි අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මුදල් ගෙවා ලබා ගන්නා ලද ගිණුමක් අවශ්‍ය වේ.Twitter ජාලය ඔස්සේ ද ඔබට පුද්ගලයන් සොයා ගත හැකි ය. මේ සඳහා ඇති පහසු ම ක්‍රමය නම් search box එකෙහි අදාළ පුද්ගලයා ගේ නම යොදා, People tab එක යටතේ දර්ශනය වන ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම යි. Discover link එක ඔස්සේ ගොස් find friends වෙත එළඹ, search contacts යටතේ ඔබේ e-mail ලිපිනය ඇතුළත් කිරීමෙන්, එයට සම්බන්ධ මිතුරන් හට Twitter ජාලයේ ගිණුමක් තිබේ නම් සොයා ගත හැකි ය.
Img
Facebook ජාලයේ මෙන් මෙහි දී ද, අදාළ පුද්ගලයන් සම්බන්ධ වී ඇති වෙනත් අය මගින් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. Followers සහ Following Lists ඔස්සේ පුද්ගලයන් සොයා ගත හැකි නමුත්, ඔවුනට පණිවුඩ යැවීමේ හැකියාව ඇත්තේ ඔවුන් ඔබ Follow කරන්නේ නම් පමණි. එහෙත් එම තැනැත්තා ඔබ block කර නොමැති නම්, tweet කිරීම සිදු කළ හැකි ය.Friends Re-united අඩවිය භාවිත කරන්නන් ද ඔබේ මිතුරන් අතර විය හැකි ය. පිටුවෙහි ඉහළ ඇති box එක භාවිතයෙන් මිතුරන් ගේ නම ඔස්සේ සෙවීම සිදු කළ හැකි අතර, පාසල, රැකියා ස්ථානය ආදිය භාවිතයෙන් සෙවීම සිදු කළ හැක්කේ Find භාවිතයෙනි. අදාළ වර්ෂ භාවිතයෙන් පුද්ගලයන් තෝරා ගැනීම ද ඔබට සිදු කළ හැකි ය. මෙහි දී ඔබ ගේ contacts වෙත යමකු එක් කොට ඔහුට පණිවුඩයක් යැවීම ඉතා පහසු කටයුත්තකි. Auto Match Search භාවිතයෙන් ඔබ ගේ පාසල, රැකියාව ආදියට සම්බන්ධ පුද්ගලයන් සොයා දීම අඩවිය විසින් ස්වයංක්‍රීය ව සිදු කරනු ලැබේ. එපමණක් නොව, විවිධ Forums සමග සම්බන්ධ වී ඇති පුද්ගලයන් සොයා ගැනීම ද මේ ඔස්සේ සිදු කළ හැකි කටයුත්තකි.
පුද්ගලයන් සෙවීම සඳහා ම වෙන් වූ search engines ඇති බව ඔබ දන්නවා ද ? Google සෙවීමට වඩා නිවැරදි ප්‍රතිඵල මෙමගින් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. Pipl(pipl.com) යනු ඔබේ සෙවීම ආරම්භ කිරීමට උචිත ස්ථානයකි. පුද්ගලයකු ගේ නම, email ලිපිනය, ලිපිනය වැනි තොරතුරු ලබා දීම මගින් මෙම කාර්යය සිදු කළ හැකි ය. සමාජ ජාලවල ඇති ප්‍රොෆයිල, ප්‍රවෘත්ති, වාර්තා, බ්ලොග් අඩවි, ප්‍රකාශන වැනි සියල්ල පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කෙරේ. මේ සමග ඔබ සොයන නමට අදාළ ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
Img
Wink (wink.com) යනු ද මෙබඳු තවත් අඩවියකි. පුද්ගලයකු ගේ මුල් නම, වාසගම හෝ user name එක මගින් මෙහි දී සෙවීම සිදු කළ හැකි ය. අදාළ ප්‍රදේශය සටහන් කිරීමෙන් එයට අයත් ප්‍රතිඵල පමණක් ලබා ගත හැකි වේ. email ලිපිනය ඔස්සේ පුද්ගලයකු සොයා ගැනීම ද මෙයින් සිදු කළ හැකි අතර, දුරකථන අංකය මගින් යමකු සොයා ගත හැක්කේ එංගලන්තය හා කැනඩාව යන රටවල පමණි.123people ඔස්සේ ද ඔබට යමකු සොයා ගත හැකි අතර, නම ඇතුළත් කිරීම මගින් ඔහු සම්බන්ධ ව සිටින සමාජ ජාල, ඡායාරූප,ලිපිගොනු වැනි සියලු තොරතුරු ලබා ගත හැකි ය.
Img
යම් පුද්ගලයකු සොයා ගැනීමට Online Directories භාවිත කිරීමේ හැකියාව ද ඔබට පවතී. The Phone Book යනු එංගලන්තය තුළ වෙසෙන පුද්ගලයන්, දුරකථන අංක ඔස්සේ සොයා ගැනීමට භාවිත කළ හැකි ක්‍රමයකි. 192.com යනු ද ගෙවීමක් කොට මෙම පහසුකම ලබා ගත යුතු අඩවියකි. අප රටෙහි පුද්ගලයන් වෙනුවෙන් භාවිතයට ගත හැකි මේ ආකාරයේ වෙබ් අඩවි සොයා ගැනීම අපහසු වන නමුත්, මෑතක දී අන්තර්ජාලයට එක් කරන ලද ටෙලිකොම් දුරකථන නාමාවලිය කදිම නිදර්ශනයකි.
Img
නොමිලේ ලබා දෙන පහසුකම් යටතේ යම් පුද්ගලයකු සොයා ගැනීමට අසමත් වී නම්, මී ළඟට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ පුද්ගලයන් සොයා ගැනීමේ සේවාවක් වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම යි. Peopletracer යනු, මිලියන 275කට වැඩි වාර්තා සංඛ්‍යාවක් ඔස්සේ ඔබට තොරතුරු ලබා දෙන වෙබ් අඩවියකි. Google maps, උපන්දින, දුරකථන අංක වැනි සියලු තොරතුරු ඔස්සේ මෙම සෙවීම් සිදු වේ. FinderMonkey, Salvation Army වැනි සේවා ද මෙයට සමාන වන නමුත්, මේ සියල්ල එංගලන්තයේ පුද්ගලයන් සඳහා සීමා වන බව මතක තබා ගත යුතු ය.
Img
ඔබට යම් වෙබ් අඩවියක හිමිකරු සොයා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ඉවහල් කර ගත හැක්කේ who.is හෝ whois.net යන වෙබ් අඩවි ය. අදාළ අඩවියෙහි domain name එක යටතේ මෙම සෙවීම සිදු කළ හැකි ය. අදාළ පුද්ගලයා තොරතුරු සුරක්ෂිත කොට නොමැති නම්, ඔහු ගේ නම, ලිපිනය, email ලිපිනය වැනි තොරතුරු ඔබට ලබා ගත හැකි ය. Companies House Web Check මගින්, එංගලන්තය තුළ පවතින ව්‍යාපාර පිළිබඳ තොරතුරු ද මේ අයුරින් ම ලබා ගත හැකි වේ. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින, වසා දමන ලද, මෑතක දී වසා දමන ලද ආදී වශයෙන් විවිධ අවස්ථා යටතේ පවතින ව්‍යාපාර පිළිබඳ ව මෙහි දී ඔබට සොයා බැලිය හැකි වේ
Img
ඔබ සොයන පුද්ගලයා ඇමරිකාව, එංගලන්තය වැනි රටක වාසය කරන්නෙක් නම්, amazon wish lists භාවිතයෙන් ද ඔහු පිළිබඳ ව සොයා ගැනීමට උත්සාහ කළ හැකි ය. බොහෝ දෙනා මෙම වෙබ් අඩවියෙන් භාණ්ඩ මිල දී ගැනීමට හුරු වී සිටීම මෙයට හේතුව යි.එක් එක් රටවල වෙසෙන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ඒ ඒ රටවලට ආවේණික ක්‍රියාමාර්ග ඔස්සේ සොයා බැලීම ද කළ හැකි වේ. නිදසුන් වශයෙන් ගත් කල, ඇමරිකාවේ සිටින පුද්ගලයකු සොයා ගැනීමට Zabasearch, Anywho වැනි වෙබ් අඩවි භාවිත කළ හැකි අතර, ලොව පුරා එක් එක් රටවල වෙසෙන්නන් සොයා ගැනීමට Infobel අඩවිය යොදාගෙන උත්සාහ කළ හැකි වේ.
Img
සමස්තයක් වශයෙන් ගත් කල පැන නගින ගැටලුව වන්නේ මෙබඳු බොහෝ ක්‍රමවේද එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට සීමා වීම යි. එබැවින් අප රටෙහි වෙසෙන්නකු සොයා ගැනීම සඳහා Google සෙවුම් යන්ත්‍රය භාවිතය, සමාජ ජාල පිරික්සීම වැනි ක්‍රමවේද කිහිපයකට සීමා වන්නට සිදු වේ.


Saturday, January 17, 2015

ට්ටිය ඉතින් ක‍ොහමෙද ආන්ඩුව වනෙස් උන එකේ මමත් හිතුවා අලුත් වැඩක් දෙන්න.මේක හොදනන් comment කරන්න මොකක් හරි අවුලක් නම් අහන්න.

Windows 8.1 Loader or, windows 8.1 Product Keygen. You can also use these keys to activate 334NH-RXG76-64THK-C7CKG-D3VPT, m9Q9P-wnjjt-6pxpy-DWX8H-6xwkk, xHQ8N-C3MCJ-rqxb6-wchyg-C9WKB, gcrjd-8NW9H-F2CDX-CCM8D-9D6T9, mndgv-M6PKV-DV4DR-CYY8X-2yrxh, fhqnr-xyxyc-8pmht-TV4PH-DRQ3H. This is full windows. No use less information i desire to tell here only the thins is this is really Windows 8.1 highly compressed 10mb  100 working.



    


Windows 8 key    - VMNVQ-VH6XM-GCYW7-4X8VM-8FDG3

                               M2XN7-4PT2W-H8GJF-X7D9Y-MY2KQ

                               Q9QX3-BNJ4R-WVGMC-RJK89-XKT63

                               8N4QH-2WT9H-T7GRF-3JBKY-DPBQD

                               PW39T-8NHVC-JGCJD-CYB6F-F6V3D



*ඉහත දැක්වෙන ඩවුන්ලොඩ් ලින්ක් ක්ලික් කර ඩවුන්ලෝඩ් කිරීමට යාමේදී ලැබෙන නව පිටුවේ තත්පර 5ක් සිටීමෙන් අනතුරුව එම පිටුවේ ඉහල කෙලවරේ Skip add button එකක් දිස් වේ. එය ක්ලික් කිරීමෙන් ඔබගේ ඩවුන්ලෝඩ් කිරීම සාර්ථකව කර ගන්න.